මාර්ග අනතුරු හේතුවෙන් 2017 වර්ෂය තුළදී පාපැදිකරුවන් 289 දෙනෙකු හා පදිකයන් 935 දෙනෙකු මරණයට පත්ව ඇති බවත්, ඒ අනුව එය වර්ෂය තුළ මාර්ග අනතුරු හේතුවෙන් සිදුවූ සමස්ත මරණ ප්‍රමාණයෙන් තුනෙන් එකක අගයක් ගන්නා බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙයි.
එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කර සිටින්නේ අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීම, අධික වේගය, මාර්ග සංඥා පිළිබඳ නොදැනුවත්කම හා දැන සිටියද ඒවා නොපිළිපැදීම මෙන්ම නොසැලකිලිමත්කම යනාදී කරුණු මෙම අනතුරු සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.
ඒ අනුව පාපැදි හා පදික අනතුරු අවම කිරීම සඳහා වූ ජාතික වැඩපිළිවෙළක් මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව විසින් මේ වන විට සකස් කර ඇති අතර, එහි ප්‍රථම අදියර ලෙස පාපැදිවල පරාවර්ථිත ස්ටිකර්ස් ඇලවීම හා සිවිල් වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (18දා) මොනරාගල ප්‍රදේශයෙන් ආරම්භ විය.
එය අද (19දා) දිනයේද එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අතර, රෝහල්, පොලිස් අධිකාරී කාර්යාල හා පාසල් සම්බන්ධ කර ගනිමින් අනතුරුව දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිතය.
2017 ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා මාරක රිය අනතුරු 2910ක් සිදුව ඇති අතර, එහිදී පුද්ගලයන් 3078 දෙනෙකු මරණයට පත්ව තිබේ. ඉන් 998 දෙනෙක්යතුරුපැදිකරුවෝ වෙති. පදිකයන් 935ක්, පසුපැදිකරුවන් 187ක්, රියදුරන් 239ක්, මගීන් 423ක්, පාපැදිකරුවන් 289ක් හා වෙනත් 07 දෙනෙකුද ඊට ඇතුළත්ය.