දේශීය කිරිවලින් 2020 වසරේදී රට ස්වයංපෝෂිත කරන බව සඳහන් කළද පසුගිය වසරේදී කිරිපිටි මෙට්‍රික්ටොන් එක්ලක්ෂ විසිදහසක් රටට ගෙන්වා ඇතැයි ශ්‍රී ලංකා කිරි ගොවීන්ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
මේනිසා දේශීය කිරි කර්මාන්තය විශාල ලෙස විනාශ වී ගොස් තිබෙන හෙයින් එය රැකගැනීම සඳහා සත්ත්ව සංවර්ධන නිලධාරීන්, දේශීය කිරි ආශ්රිත නිෂ්පාදකයන් සහ රජයේ කිරි නිෂ්පාදන ආයතනයේ නිලධාරීන් ඒකාබද්ධ වී ජාතික කිරි ගොවි ව්‍යාපාරය නමින් නව සංවිධානයක් සකස් කළ බව එම සංවිධානයේ ජාතික සංවිධායක චමිල් ජයරත්න මහතා සඳහන් කළේය.
සියලුම දෙනා එකතු වී රටේ කිරි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළ බවත්, එම වැඩපිළිවෙළ හා ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳ කරුණු මේ මස 18 වැනිදා ජනතාවට එළිදක්වනබවත් ඔහු පවසා සිටියේය.
මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මහනුවරදී ආරම්භ කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මීට පෙර වසරවලදී රටට ගෙන්වා තිබෙන්නේ වසරකට කිරිපිටි මෙට්‍රික්ටොන් හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් බවත්, ආනයනික කිරිපිටි සඳහා පනවා තිබූ රුපියල් 248ක බදු මුදල රුපියල් දෙක දක්වා අඩුකිරීමට වර්තාමන ආණ්ඩුව කටයුතු කිරීම නිසා රටින් කිරිපිටි ගෙන්වීම ඉහළ ගොස් තිබෙන බවත් කී හෙතෙම මේ නිසා දේශීය කිරි කර්මාන්තය කඩාවැටී තිබෙන බවද සඳහන් කළේය.