2017 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.1ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2017 වර්ෂයේ සිවුවන කාර්තුව හා සමස්ත වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම වර්ධන වේගය වසර 16ක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අවම අගය බවටද තොරතුරු වාර්තා වේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මීට ඉහතදී මෙම දත්ත සිය වෙබ් අඩවිය මගින් ප්‍රකාශ කළද පසුව එය ඉවත්කර ගත්තේය.
ස්ථාවර මිල ගණන යටතේ (2010) ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය රුපියල් මිලියන 9, 315, 488ක් බවත්, 2016 වර්ශයේදී එම අගය රුපියල් මිලියන 9, 034, 290ක් වූ බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දළ දේශීය නිශ්පාදිතය කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශයන්හි දයකත්වය පිළිවෙළින් සියයට 7.7ක්, 27.2ක් හා 55.8ක් වේ.
2017දී කෘෂිකර්මික කටයුතුවල සෘණ 0.8ක වර්ධනයක් පෙන්නුම් කළද කාර්මික හා සේවා අංශය සියයට 3.9කින් හා 3.2කින් ඉහළ ගොස් ඇතැයිද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.