අජිනමොටෝහි අඩංගු MSG හෙවත් මොනොසෝඩියම් ග්ලුටාමේට් රසකාරකය 2017 වසරේදී මෙට්‍රික් ටොන් 2000ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
අද (26දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව පැවසීය.
එම සංගමය පෙන්වා දෙන්නේ 2015 වර්ෂයේදී සිදු කළ ග්ලයිපෝසේට් තහනමෙන් පසුව ශ්‍රී ලංකාවේ ආනයනික MSG ප්‍රමාණය වේගයෙන් ඉහළගොස් ඇති අතර ගොවීන් විසින් එය වල් නාශකයක් හා කෘමී නාශකයක් ලෙස භාවිතා කරන බවට පසුව හෙළි වී ඇති බවයි.
MSG රසකාරයක් ලෙස පරිභෝජනය කිරීමෙන් ස්ථුලතාවය, දියවැඩියාව හා අධිරුධිර පීඩනය ඇති කිරීමට සමත් වන බවත් කලල බන්ධය මගින් මවගෙන් දරුවාට ග්ලුටාමේට් පරිවහනය සීමා වුවත්, අධික මාත්රාවන්ගෙන් MSG පරිභෝජනය කිරීමෙන් ස්ථුලතාවය හා දියවැඩියාව ඇතිවීමේ අවධානම මත අධික අඩු බර දරුවන් බිහිවන බවට නිරීක්ෂණය වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.