සමගිසම්පන්න, ශක්තිමත්, සුසංවාදී සමෘද්ධිමත් ජාතියක් සඳහා අඩිතාලම සපයමින්, ජනතාව අතර සමගිය, සාමය, දයාව සහ සහෝදරත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් 2017 වර්ෂයේ සිට සෑම වර්ෂයකම ජනවාරි මාසයේ 08 වැනි දින සිට 14 වැනි දින දක්වා වන සතිය ජාතික ඒකාබද්ධතා හා ප්රතිසන්ධාන සතිය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත් නියමිත බව රජය සඳහන් කරයි.
2017 වර්ෂයේ එම සතියට සමගාමීව දිවයිනේ සියලුම පාසල්, ජනමාධ්‍ය, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කේන්ද්‍ර කරගනිමින් ජාතික ඒකාබද්ධතාවේ වැදගත්කම පිළිඹිඹු කෙරෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජාතික ඒකාබද්ධතා හා ප්රතිසන්ධාන අමාත්‍ය වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතයද ලැබී තිබේ.