2017 වසරේ දී බෝනොවන රෝග වලින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 137000 ක් මියගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා. මේ පිළිබද සමාජ කථිකාවතක් ඇති කළ යුතුයි. යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
සේනාරත්න මහතා මේ බැවු පැවසුවේ ඔහුගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පසුගියදා පැවති Life TV සෞඛ්‍ය නාලිකාව එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමිනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ දී රෝහල් 300 ක් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කරනවා. වසර 2020 වනවිට රෝහල් 1000 ක් මෙම ව්‍යාපෘතියට ඇතුලත් කිරීම මාගේ අරමුණයි. මහනුවර මහ රෝහල් භූමියේ ඉදිකෙරෙන තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන ඔක්තෝබර් මාසයේ දී විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා. දැනට තැලසීමියා රෝගීන් 3000 ක් දිවයින පුරා සිටින බව අනාවරණ වී තිබෙනවා. යනුවෙන් පැවසීය.
2017 වසරේ දී බෝනොවන රෝග වලින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 137000 ක් මියගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා. මේ පිළිබද සමාජ කථිකාවතක් ඇති කළ යුතුයි. යැයි සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
රූපලාවන්‍ය ක්ෂේත්රයේ ඇතැම් ආලේපනවල තිබෙන්නේ රසදියයි. එය පිළිකා ඇතිවීමට බලපා තිබෙනවා. එම නිසා එවැනි ප්‍රතිකාර ක්‍රම කළමණාකරණය කළ යුතුයි. ඇතැම් මාධ්‍ය මගින් සෞඛ්‍ය තොරතුරු සත්‍ය අසත්‍යතාවය නොදැන තොරතුරු ඉදිරිපත් කිරීම නිසා සෞඛ්‍ය පිළිබද තොරතුරු ලබාදෙන රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට මා සැළසුම් කළේ වසර ගණනාවකට පෙරයි. යනුවෙන් අමාත්‍යවරයා අදහස් දැක්වීය.
මෙහිදි Family නමින් සෞඛ්‍ය සගරාවක් ද එළිදක්වන ලදි.