2017 වසරේදී ලංකාවේ දුම්වැටි අලෙවිය බිලියනයකින් අඩුවී තිබෙන බවත්, අප්‍රේල් 07 වැනිදාට පෙර තනි තනි සිගරට් අලෙවි කිරීම තහනම් කිරීමට අදාළ නීති සම්මත කරගැනීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
බෝ නොවන රෝග පිළිබඳ පළමු සාක් සමුළුව කොළඹදී ඊයේ (31දා) ආරම්භ වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“බෝ නොවන රෝගවල ප්‍රධානම දෙයක් දුම්බීම. අපි තමයි ආසියාවේ පළමු රට ජාත්‍යන්තර දුම්වැටි විරෝධී ප්රඥප්තියට අත්සන් කළ. ඒ අනුව අපි 90%ක් බදු අයකළා. ඒක තමයි දුම්කොළවලට ලෝකයේ වැඩිම බද්ද. ඒ අනුව ලංකවේ දුම්බීම දුම්වැටි බිලියනයකින් අඩුවෙලා තිබෙනවා. සිගරට් පැකට්ටුව ඇරෙන්න තනි තනි සිගරට් අලෙවි කිරීමේ නීතිය අප්‍රේල් 07 වැනිදාට පෙර සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා.”