පසුගිය වසරේදී (2017) රජය විසින් ලබාදෙන ලද අයවැය පොරොන්දු අතරින් වසරඅවසානයේ ඔවුන්ට කටයුතු අවසන් කිරීමට හැකිව ඇත්තේ 08෴ක් වැනි ප්‍රමාණයකට පමණක් බව 'වේරිටේ' පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අධ්යක්ෂ සුභාෂිනි අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (25දා) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
'අයවැය පොරොන්දු- මැති සබයෙන් ඔබ්බට' යන මැයෙන් ගෙනගිය මෙම පර්යේෂණය තුළින් රුපියල් බිලියනයක් හෝ ඊට වැඩි මුදලක් වෙන්කරන ලද අයවැය යෝජනා ක්‍රියාකාරකම්වල ප්‍රගතිය පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කර තිබේ. ඒ යටතේ ඔවුන් මේ සම්බන්ධ කරුණු කාරණා රැසක් අනාවරණය කරගෙන තිබූ අතර, එම අයවැය පොරොන්දු අතරින් ප්‍රමාණවත් ප්‍රගතියක් වාර්තා කර ඇත්තේ 22%ක ප්රමාණයකි.
ඉතා සුළු ප්‍රගතියක් වාර්තා කර ඇති පොරොන්දු ප්‍රමාණය 35%ක් වන අතර, කඩකරන ලද පොරොන්දු ගණන 24%ක ප්රමාණයකි.
අයවැය පොරොන්දු 37ක්, රුපියල් බිලියන 116,910ක් සහ රාජ්‍ය ආයතන 24ක් මෙම පර්යේෂණයට බඳුන් කරඇති අතර, එහිදී ලබාගත් දත්ත කිසිදු රාජ්‍ය ආයතනයකින් හෝ නිලධාරියෙකුගෙන් වාචිකව ලබාගෙන නොමැත. ලබාගත් සියලු දත්ත සටහන් හෝ වාර්තා ලෙසින් ලබාගෙන තිබේ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඇතැම් තොරතුරු ලබා ගැනීමටද මේ යටතේ පර්යේෂකයන්ට සිදුව තිබේ.
එහි ප්රගතිශිලී දෙය වනුයේ,වර්ෂ අවසානය වන විට මෙම පර්යේෂණ කණ්ඩායමට ප්‍රගතිය පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි වී ඇත්තේ පොරොන්දු 11%ක ප්‍රමාණයක් වීමය.
කෙසේ වුවද, අයවැය පොරොන්දු ප්‍රගතිය පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා ඉල්ලීම් කළ විට ජනාධිපති ලේකම් කාර්යාලය, ජාතික අයවැය දෙපාර්තුමේන්තුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණකාර්යාංශය හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය අප්‍රමාදව තොරතුරු සපයා තිබේ.