ශ්‍රීලන්කන් සභාපති හා අධ්යක්ෂ මණ්ඩලය කැබිනට්ටුව හමුවට
2016 දී පාඩුව මිලියව 2200ක්, යහපාලන රජය පත්වීමෙන් පසු සේවකයින් 1200ක් බඳවාගෙන
විෂය භාර අමාත්‍යවරයාගේ නියෝග පිළිගන්නේත් නෑ, අධ්යක්ෂ මණ්ඩලය කණ්ඩායම් දෙකකට බෙදිලා?
ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේදී රුපියල් මිලියන 2200ක පාඩුවක් ලබා තිබෙන නිසා සහ එහි සිදුවන අනවශ්‍ය බඳවාගැනීම්, නිරන්තර පාඩු ලැබීම පිළිබඳ ප්‍රශ්න කිරීමට සමාගමේ සභාපතිවරයා හා අධ්යක්ෂ මණ්ඩලය කැබිනට් මණ්ඩලය හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
වසර ගණනක් තිස්සේ පාඩු ලබමින් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යහපාලන රජය පත්වීමෙන් පසුව පසුගිය මාස 30 ක කාලය තුළදී සේවකයන් 1200ක් පමණ බඳවාගෙන තිබෙන බවට හෙළි වී තිබේ.
මීට අමතරව විෂය භාර අමාත්‍යවරයා ලබාදෙන නියෝග හා උපදෙස් පිළිනොපදිමින් සභාපතිවරයා හා අධ්යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවටදචෝදනාඑල්ල වී තිබේ.
මෙම තොරතුරුවලට අමතරව අධ්යක්ෂ මණ්ඩලය කණ්ඩායම් දෙකක් ලෙස කටයුතු කරන බවටද කැබිනට් මණ්ඩලයට වාර්තා වී තිබෙන අතර, මේ නිසා තවදුරටත් ශ්‍රී ලංකා ගුවන් සමාගම අර්බුදයට ලක්වීමට පෙර ඒ පිළිබඳ වහාම කරුණු සොයාබැලීමටද එහි සභාපතිවරයා හා අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා ප්‍රශ්න කිරීමටද ඊයේ (13දා) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
පොදුවේ මෙම කරුණු පිළිබඳ විමසීමට සභාපතිවරයා හා අධ්යක්ෂ මණ්ඩලය ඉදිරි කැබිනට් මණ්ඩලය හමුවට කැඳවීමට නියමිතය.