2016 අයවැය යෝජනා මගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා වන රජයේ දිර්ඝකාලීන වැඩසටහනේ පළමු වැනි පියවර තබන බව මුදල් අමත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මෙවර අයවැය වෙනුවෙන් ජනතාවගෙන් ලැබී ඇති යෝජනා සලකා බැලීම වෙනුවෙන් පසුගිය 17 වැනිදා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යෝජිත අයවැය මගින් සමාජයේ සියලු ජනකොටස් වෙත පුළුල් සහන වැඩපිළිවෙළක් හඳුන්වාදීම රජයේ අරමුණ වී ඇති බවයි. මේ වනවිට අයවැය යෝජනා සඳහා ඇතුළත් කිරීමට ජනතාවගේ අදහස් ලැබෙමින් පවතින බවත් පෙන්වා දෙන රවි කරුණානායක මහතා එම අදහස් රටේ ඉදිරි ගමනට ශක්තියක් වන බවද සඳහන් කළේය.