2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂයට උපකාර නොකළ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ඒ හේතුවෙන් කිසිම පක්ෂයකට වැඩි පුර ආසන සංඛ්‍යාවක් ජයගෙන ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වූ බවත් ඔහු පැවැසීය.
මැතිවරණයේදී තමන් මධ්‍යස්තව සිටි බවත් ජනපතිවරයා සඳහන් කළේ අද (04 දා) පස්වරුවේ පොලොන්නරුව ලංකාපුර 317 ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමිනි.