2015 වසරේදී දිවයිනෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ළමා අපචාර සිද්ධීන් 10732ක් වාර්තා වී තිබුණද,එම සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට නීත්‍යානුකූලව දඬුවම් ලබා දී නැතැයි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තා වෙයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වූ පැමිණිලිවලින් අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන අංශයට යොමුවී ඇති 74ක් සඳහා නඩු පවරා තිබෙන අතර, එම නඩු කටයුතු තවමත් ක්‍රියාත්මක වෙයි.
නීතිපති උපදෙස් සඳහා පැමිණිලි 06ක් යොමුකර තිබෙන අතර, එම අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත ලැබී තිබෙන සෘජු පැමිණිලි 176ක් සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකර ඇත.
1929 ළමා උපකාරක සේවය සහ ලිපි මගින් අධිකාරිය වෙත පැමිණිලි 6889ක් යොමුවී තිබෙන බවත්, ඉන් පැමිණිලි 14ක් පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සෘජුව විමර්ශනය කර ඇති බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම පැමිණිලි අතුරින් 6875ක් විමර්ශනය කිරීම සඳහා ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත බැහැර කර තිබෙන බවත්, ඉන් 4875ක් සඳහා විමර්ශන වාර්තා අධිකාරිය වෙත යොමුකර තිබෙන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අකාරයට ලැබුණු පැමිණිලි 2000කට අදාළව විමර්ශන වාර්තා අධිකාරිය වෙත යොමුව නැතැයිද එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එම විමර්ශන කඩිනම් කිරීම සඳහා පොලිස්පතිවරයා සහ ළමා හා කාන්තා කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂක හරහා අදාළ පොලිස් අධිකාරීවරුන් දැනුවත් කර විමර්ශන කටයුතු කඩිනම් කිරීමට සහ විමර්ශන වාර්තා කඩිනමින් අධිකාරිය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.