ජාතික ණය ගෙවාගැනීමට නොහැකි නම් ඒ රටේ ආර්ථිකය කඩා වැටෙන බවත්, ශ්රී ලංකාවත් මීට පෙර ඒ තත්ත්වයට ගමන් කරමින් සිටි බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අග්රාමාත්යවරාය මෙසේ අදහස් දක්වා සිටියේ ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අද (07දා) පැවැති සහකාර රේගු අධ්යක්ෂකවරුන් සඳහා පත්වීම් ප්රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යවරයා,
"ජාතික ණය ගෙවා ගන්නට බැරි නම් එම රටේ ආර්ථිකය කඩාවැටෙනවා. ශ්රී ලංකාවත් මීට පෙර එම තත්ත්වයට ගමන් කරමින් සිටියා. දශකයක් තිස්සේ අපේ රටේ වියදම් වැඩි වුණා. ආදායම අඩු වුණා. එම නිසා ජාතික ණය වැඩි වුණා. එකළ බදු අයකිරීම් හරියාකාරව සිදුවුණේ නැහැ. තක්සේරු කටයුතු හරියාකාරව සිදු කෙරුණේ නැහැ. ලංකාවේ බොහෝ අයට බදු විරාම ලබාදුන්නා. ඇතැම් සමාගම් වසර 30 ක බදු විරාම කාලයක් ගත කරනවා. ශතයක්වත් බදු වශයෙන් ගෙවා නැහැ.
යුද්ධය අවසන්වූ පසුවත් ණය ගෙවීමට පමණක් නොව පුණරාවර්තන වියදම්වලටවත් මේ රටේ ආදායම මදි වුණා. අපගේ ජාතික ආදායමෙන් අපේ ප්රශ්න විසදාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවුණා. පසුගිය රජයට 2015 වසරේ ජනාධිපතිවරණය කලින් පැවැත්වීමට සිදු වූයේ එම වාතාවරණය නිසයි. මේ අර්බුදය පාලනය කිරීමට නොහැකි වූ නිසා බදු වැඩිකිරීමට සිදුවේවි යැයි ඔවුන් කල්පනා කළා." යැයි පවසා සිටියේය.