2015 වසරේදී වැඩිම කැබිනට් පත්‍රිකා ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය විසින් බවත්,අඩුම කැබිනට් පත්‍රිකා ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන අමාත්‍යාංශය විසින් බවත් අමාත්‍ය මණ්ඩල කාර්යාලය සඳහන් කරයි.
එම වසරේ ජනවාරි 08 සිට අගෝස්තු 17 වනදා දක්වා ජනාධිපතිවරයා විසින් කැබිනට් පත්‍රිකා 24ක්ද,අග්‍රාමාත්‍යවරයා විසින් 67ක්ද,ආරක්ෂක අමාත්‍යාංශය විසින් 47ක්ද,ප්‍රතිපත්ති සම්පාදක,ආර්ථික කටයුතු,ළමා,තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 55ක්ද,රාජ්‍ය පරිපාලන,පළාත් පාලන හා ප්රජාතන්ත්රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය විසින් 66ක්ද,මුදල් අමාත්‍යාංශය විසින් 103ක්ද,නාගරික සංවර්ධන,ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය විසින් 61ක්ද,සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් 73ක්ද ඉදිරිපත් කර තිබේ.
එම කාලසීමාවේ අඩුම කැබිනට් පත්‍රිකා ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ ග්‍රාමීය ආර්ථික කටයුතුඅමාත්යාංශය(4),පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය (4),කාන්තා කටයුතු අමාත්‍යාංශය(5),ආපදා කළමනාකරණ අමාත්‍යාංශය(5),වාරිමාර්ග අමාත්‍යාංශය(5) යන අමාත්‍යාංශ විසිනි. ඒ අනුව පසුගිය වසරේ මුල් මාස අට තුළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 1241ක් ඉදිරිපත් වී තිබුණු බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය පවසයි.
පසුගිය වසරේදී දෙපාර්තුමේන්තු ප්‍රධානීන් 53 දෙනෙකු පත්කිරීම සදහා තීරණ ගෙන පත්වීම් ලිපි අමත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙන බවත්, එම වසරේදී අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නඩු කටයුතු 31ක් සම්බන්ධව නීතිපති දෙපොර්තමේන්තුව සමග කටයුතු කර තිබෙන බවත් අමාත්‍ය මණ්ඩල කාර්යාලය පවසයි.
පසුගිය වසරේදී අමාත්‍ය මණ්ඩල කාර්යාලය නඩත්තු කිරීම සඳහා රුපියල් 65,563102ක් වියදම් වු බවත්,එම කාර්යාලයේ නිලධාරින් 123 දෙනෙකු සඳහා රුපියල් 24,97046ක ණය පහසුකම් ලබාදී තිබෙන බවත් අමාත්‍ය මණ්ඩල කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.