Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 මාර්තු මස 25 වන අඟහරුවාදා
2025 මාර්තු මස 25 වන අඟහරුවාදා
දෙදහස් පහළොවේ දී මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වුණාට පස්සේ මිනිස්සු වන්දනා ගමන් ගියේ කතරගමට නෙවෙයි තංගල්ලට බවත් එදා සිදුවූ වැරැද්ද හරිගස්සන්න අද ජනතාව බලාගෙන ඉන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි .
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“ගෝල්ෆෙස් පිටියේ පැවති රැළියේදි සජිත් පේ‍්‍රමදාස කිව්වා එතුමා ජනාධිපති වුණොත් දසරාජ ධර්මයෙන් රට කරවනවා කියලා. එතුමා කියන දසරාජ ධර්මය අපි හඳුනාගත යුතුයි. එකක් තමයි ගෝල්ෆේස් පිටියෙදිම රාජිත සේනාරත්න කිව්වා දාහත් වෙනිදා මුන්ගෙ නඩුවලින් මුන් යන්නේ රජගෙට නෙවෙයි හිරගෙට කියලා. රාජිත සේනාරත්න මෙතනදි කිව්වා ජීවිතය පරදුවට තියලා හරි මේ ගේම් එක දිනනවා කියලා. මම අහන්නේ මේකද සජිත් පේ‍්‍රමදාසගේ දසරාජ ධර්මය කියලා. දඹර අමිල හිමි කිව්වේ මහින්ද රාජපක්ෂ අපි එදා මැදමුලනේ ඉස්සරහ ජනේලෙ එල්ලූවා. ලබන දාහත් වෙනිදා ගෝඨාභය රාජපක්ෂව මැදමුලනේ පිටිපස්සේ ජනේලෙ එල්ලනවා කියලා. අපි අහන්නේ මේකද සජිත්ගේ දසරාජ ධර්මය කියලා. දෙදහස් පහළොවේ දී මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වුණාට පස්සේ මිනිස්සු වන්දනා ගමන් ගියේ කතරගමට නෙවෙයි තංගල්ලටයි. එදා සිදුවූ වැරැද්ද හරිගස්සන්න අද ජනතාව බලාගෙන ඉන්නවා.
පාස්කු ප්‍රහාරයේදී විශාල පිරිසක් මරණයට පත්වෙලා තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. එම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත රසූල් කියන පුද්ගලයා මේ ආණ්ඩුව යටතේ නැවත සේවය පිහිටවලා වන්දි ගෙවලා ඉන්දියාවේ ටුවර් එකක් යැව්වා. මේකද සජිත්ගේ දසරාජ ධර්මය කියලා මම අහනවා. තේනුවර කියන පුද්ගලයා කිව්වා රණවිරු ගාය ගැන. සජිත් වේදිකාවෙ තියාගෙන මේ කියපු දේට සජිත් පේ‍්‍රමදාස තාමත් උත්තරයක් දුන්නේ නැහැ. අපි කියනවා රණවිරුවන්ගෙන් සජිත් පේ‍්‍රමදාස මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලිය යුතුයි. ඒ වෙනුවට සිදුවූයේ සුදු කොඩි සිද්ධිය මගාන් රණවිරුවෝ පාවා දුන් සරත් ෆොන්සේකාට තමන්ගෙ ආණ්ඩුවක් යටතේ ආරක්ෂාව භාර දෙන බව ප්‍රකාශ කිරීමයි. අපේ ආණ්ඩුව කාලයේ ප්‍රධාන නාලිකාවකට පහරදීම සම්බන්ධයෙන් සහ ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා වගකිව යුතුයි කියලා ජෝසප් මයිකල් පෙරේරා පාර්ලිමේන්තුවේදී එදා ප්‍රකාශයක් සිදුකළා. මේ හැම දේකින්ම සජිත් ප්‍රේමදාසගේ දසරාජ ධර්මය පාලනය සනාථ වෙනවා.
ඔය දසරාජ ධර්මය ගැන කියනකොට අපිට මතක් වෙන්නේ සජිත්ගේ තාත්තගේ දසරාජ ධර්මය ගැනයි. එදා බදුල්ලේ හාලිඇළ හාඞ්වෙයාර් කියන ස්ථානය යූ, ඇන්, පී යට පවරගෙන 88 ,89 කාලෙ තරුණයො දසවද දීලා කපලා කොටලා මැරුවා. එම ස්ථානය අදටත් මිනිස්සු කියන්නේ මස්කඬේ කියලයි.
අටසීයක් පොලීසියේ පිරිස එදා එල්ටීටීයට භාර කරලා එක දවසින් මරලා වල දැම්මා. අපි අහන්නේ සජිත් පේ‍්‍රමදාස කටයුතු කරන්නේ මෙන්න මේ දසරාජ ධර්මයට ද කියලයි.රනිල් වික්‍රමසිංහ කියනවා අපි පේ‍්‍රමදාස මහත්තයාගේ අතීතය ගැන කතා කරනවා කියලා.ඒ ගැන කතා කරන්න පටන් ගත්තේ අපි නෙවෙයි. ලලිත් ඇතුලත්මුදලි,ගාමිණී දිසානායක වගේ අය තමයි මේ තොරතුරු හෙළි කළේ. එදා කන්‍යාවන් කතරගම අරගෙන ගිහිල්ලා මලයාලම් ගුරුකම් සිදුකළ ආකාරයක් පවුලේ උදවියට තමන්ගේ ආණ්ඩුව කාලේ සලකපු හැටිත් එදා හොඳටම පැහැදිලි කළේ මේ අයයි.
අද සජිත්ගේ වේදිකාවේ ඉන්න ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ නවීන්ගේ පියාණන් තමයි මේවා ලෝකයට අනාවරණය කළේ. ලෝක රූ රැජිනගේ ගේ කොන්ඩේ කපපු හැටි ,පන්සල් වල නිදන් වස්තු ගත්ත හැටි, අරලියගහ මන්දිරේ සහ ජනාධිපති මන්දිරයේ ආලේඛ්‍ය චිත්‍ර වලට වෙච්චි දේවල් අපි ජනතාවට අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නැහැ. මෙන්න මේවා තමයි දසරාජධර්ම ඇතුලේ තියෙන කතා. දසරාජ ධර්මය මුල්කරගෙන පසුගිය කාලයේ සිදු කරපු දේවල් ඒ වගේම කරන්නයි මේ පිරිස ඒකරාශී වෙලා ඉන්නෙ.
නොවැම්බර් දහවෙනිදා අපි කේක් ගෙඩි දෙකක් කපනවා ඒ එකක් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විම සමරමින්. අනික කපන්නේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති විමේ උපන්දින ත්‍යාගය ලබාදෙමින්” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි
popular news
ගෝඨාභය Friday, 11 October 2019 10:25 PM
අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දැක්වීම. ගෝඨාභය විරෝදී චන්ද වල්මත් කිරීම සදහා 2005 දී මෙන් මෙවර සල්ලිදී ප්රභාකරන් මස්සින වන ශිවාජිලිංගම් පැමිණීමෙන් LTTE භීතිකාව හා දේශප්‍රේමය මැනවින් ප්‍රදර්ශනය වෙයි . දෙමල ඩයස්පෝරාව, LTTE හොල්මන්, දේශප්‍රේමය , මුස්ලිම් අන්ත වාදය , ෂරිය විශ්වවිද්‍යාලය වැඩ වර්ජන ආදී සියලු භීතිකාවන් බිල්ලන් මෙහෙයවන්නේ රග දක්වන්නේ එකම ස්ථානයකින් බව පසක් වේ , ප්‍රේමදාස දින්නොත් රනිල් හරහා ඇමෙරිකානු අතකොළුවක් වීමද, ගෝඨාභය දින්නොත් සෘජු වම ඇමෙරිකාවේ රූකඩයක් පබයෙක් වීමද සක්සුදක්සේ පැහැදිලිය
Reply : 0 0
සැම පැතුම Friday, 11 October 2019 10:26 PM
වසරක් යනතුරු (පුරවැසිකම ඉවත් කරගත්තත්) ඇමෙරිකන් රූකඩයක් වීමට දිවුරන අපේ ගෝඨාභය දින්නත් මේක ඇමෙරිකාවේ පදේට නටන කොලනියක් වෙනවා වෙනවා මයි. මුන් දෙගොල්ලටම 70 වසරක් මෙන්ම ඇත්තේ පොරොන්දු (ඉටුනොකරන) දේශපාලනයක් පමණි. පොරොන්දු නොව ප්‍රතිපත්ති රටකට අවශ්‍යවෙන බව විස්වාස කරන නිසාම හොර දේශපාලකයින් නැති රටට අවශ්‍ය ප්‍රතිපත්ති සමග එන විකල්පය සමග එක්වෙමු. දැන්වත් තම තමන්ට ලැබෙන පෞද්ගලික ලබා ප්‍රයෝජන පසකලා රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් යුතුකම කිරීමට කාලය පැමිණ ඇත. ඇමෙරික රූකඩය පැමිණියත්, ඇමෙරිකන් පබයා පැමිණියත් මෙරටේ විනාශයේ අවසන් පරාල අනයත් අනිවාර්යෙන්ම ගසනු ලැබේ.
Reply : 0 0
Don Saturday, 12 October 2019 06:57 AM
මිනීමරුවන්ට කඩේ යන මිනිහා උප ඇමතිකමක්වත් ගන්න බෙරිහන් දෙනවා.
Reply : 0 0
thilak Saturday, 12 October 2019 07:19 AM
ඩිලාන් මහත්තයෝ මඩ ගහගන්න නැතුව, රට ගොඩ දාන්න බලන්න, එහෙම නොවුනොත් තරුණයෝඉදිරි මැතිවරණයේදී ඔබලාට දඩුවම් කරවී. ඊළඟ මැතිවරණයෙන් හොඳ 225 තෝරන්න බලාපොරොත්තු වෙනවා, මැතිවරණ සමයේදී හොඳට හැසිරෙන්න
Reply : 0 0
Nandana Saturday, 12 October 2019 09:55 PM
රට කන පින් ගොනා
Reply : 0 0
කුරුවිටගේ Monday, 14 October 2019 05:40 PM
1996 දී කුරුවිටදී සිදුවූ සිද්ධිය මතක්වෙන වෙලාවක් පාසා අපිත් බලා ඉන්නේ ඔබ එනතුරු තමයි
Reply : 0 0
ranjith Sunday, 13 October 2019 03:15 AM
ජනතාව ගොනාට අන්දන්න හදන මේ වගේ අද බොළඳ දෙසපලුවෝ තමි රට විනාස කරන්නේ
Reply : 0 0
kelum Sunday, 13 October 2019 11:33 AM
මුලින්ම කරන්න ඕනේ මේ වගේ එහෙට මෙහෙට පනින හොරු එලවන්න ඕනේ.දිලාන් ඇමති තුමෝ මට මුලින්ම කියන්න ඔයා මේ ලෝකෙට අවේ අම්මගේ කුසෙන්ද කියල.මම කියනවා පුලුවන්නම් මහා මැති වරනෙන් චන්දෙ ඉල්ලලා දිනලා පෙන්නන්න .ratai ජාතියි විකුණන කන තමුසෙලා වගේ හොරුන්ට පාරේ තියල ගල් ගහල මරල දැම්මත් මදි.තමුසෙලට පුළුවන් දිනඊ කියල හිතන පැත්තට පැනල බොරු පන්පොරි ගහලා හොර ඇමති කමක් අරන් හොරන් කරන්න විතරඊ.කවදාවත් තමුසෙලට මේ රට ගැනවත් මේ ජාතිය ගැනවත් හැඟීමක් නැ.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd