2015 දී මුලින්ම පොදු අපේක්ෂකයාට තෝරා ගත්තේ මාව
"2015දි ජනධිපතිවරණයට මුලින්ම පොදු අපේක්ෂකයාට තොරාගත්තේ මාව. පක්ෂය පාවා දෙන්න බැරි නිසා ගියේ නෑ. එදා පක්ෂය පාවා දීලා ගිහින් ජනාධිපති වුණ අය අද ඒ්කාධිපතියෙකු ලෙස හෙංචයියන් කිහිප දෙනෙකු සමග පවුල් වාදය රකිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවනවා" යැයි වරාය හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ලේදි පැවසීය.
බදුල්ල පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදි ඊයේ (22දා) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් බලමණ්ඩලය අමතමින් අමාත්‍යවරයා එසේ පැවසීය.
"1960දි මම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව දිගටම ක්‍රියාකාරිව කටයුතු කළා. පක්ෂය වැටී තිබුණ වසර 17දී පක්ෂය ගොඩගන්න උපරිමයෙන් කටයුතු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි අයත් සමග අද පක්ෂය මෙහෙවයන අය මාව බදුල්ල හාලිඇළ සංවිධායක ධුරයෙන් හා පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිධුරයෙන් ඉවත්කර බවට මට ලිපි එවා තිබෙනවා.
රට වැටී තිබියදි හැම කෙනාටම අගමැතිකම ගන්න කීවා ගත්තේ නෑ නමුත් එක මන්ත්‍රිධුරයක් තියාගෙනත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම භාරගත්තා පාර්ලිමේන්තුවේ 225න් 134ක් එතුමාට ජනාධිපති වෙන්න ජන්දය දුන්නා ඒක තමයි පරමාධ්යපත්ය කියන්නේ ඇලඩින්ගේ පුදුම පහන වගේ එක දවසින් රටේ ප්‍රශ්න විසදන්න බෑ අපි කාලයක් දිය යුතුයි.රනිල්ට එක ජන්දයයි මිනිස්සු නෑ කියලා පාච්චල් කරලා වැඩක් නෑ ඉදිරි මැතිවරණයේදි ජනතාව රටේ දේශපාලනය තීන්දු කරයි.
අපි යු.එන්.පී එකට ගිහින් නෑ අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයේ ඉන්න සමහරු අපි වගේ ජේෂ්ඨයෝ ඉන්නවට කැමති නෑ පක්ෂයේ පිරිතක් තිබුනා අපිට ආරාධනා නෑ. තනියම නිවන් දකින්න බෑ. කුහක වැඩ කරලා පක්ෂය ගෙන යන්න බෑ පක්ෂය ඇතුලේ අද නීති විරෝධි ව්‍යවස්ථා සංශෝධන ගෙනවා කැකිල්ලේ රජුගේ නඩු තීන්දු වගේ අද සභාපති තීරණ ගන්නවා. අපි කරන්නේ පක්ෂය තුළ ක්‍රියාත්මක වන ඒකාධිපතිවාදය පරාජය කර නිවරදිව පක්ෂය ඉදිරියට ගෙන යෑමයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට පයින් ගහනවානම් අපිට වෙනත් විකල්ප හොයාගන්න සිදුවෙනවා පක්ෂය තුළ මෙවැනි අර්බුධ තිබියදි අද පාක්ෂිකයෝ වෙනත් නායකයෝ හා පක්ෂ සොයාගෙන යන තත්වයට පත්ව තිබෙනවා. මම බදුල්ලේ ජනතාවට රැකියා 22000ක් දුන්නා සෑම අංශයක්ම සංවර්ධනය කළා එහෙම කරපු මාව මොන පක්ෂයෙන් ජන්දය ඉල්ලුවත් බදුල්ලේ ජනතාව මාව බලාගන්නනවා" යැයි නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.
ලුණූගල ප්‍රසන්න පත්මසිරි
popular news
-
Dharmasena Sunday, 23 October 2022 12:56 PM
2015 ඉල්ලුවා නම් උඩින්ම දිනනවා. මිනිස්සු ඉල්ලුවේ ඔයා වගේ ජපන් තානාපති ගෙන් චරිත සහතික ලබන කෙනෙක්.... දැන් ඉන්නේ නියම තැන, ඔබට ගැලපෙන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

