දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතරින් වැඩිම මුදලක් 2014 වර්ෂය සඳහා වෙන්ව ඇත්තේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට බවත්, එය මුදලින් රු.මිලියන 833ක් බවත් අනාවරණය වෙයි.
මෙම තොරතුරු අනාවරණය වූයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සංවර්ධන කමිටු රැස්වීමේදීය.
මෙම කමිටු රැස්වීමේදී කරුණු පැහැදිලි කළ හම්බන්තොට සැලසුම් අධ්යක්ෂ එම්.කේ. ටියුෂන් මහතා පෙන්වා දුන් පරිදි මෙම මුදල් අතරින් දිවිනැගුම ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 40ක්ද, එක් ගමකට එක් වැඩක් ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 144ක්ද, ගම නැගුම ව්‍යාපෘතිය සඳහා රු.මිලියන78.7ක්ද, පළාත් නැගුම සඳහා රු.මිලියන 264ක්ද, ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂාව සඳහා රු.මිලියන 12ක්ද, සුලු වාරිමාර්ග ව්‍යාපෘති සඳහා රු.මිලියන 113 ක්ද, අලි මිනිස් ගැටුම නවතාලීමට රු.මිලියන 60ක්ද වශයෙන් මුදල් වෙන්කර තිබේ. මේ අතරින් ග්‍රාමීය පාසල් සංවර්ධනයට වෙන්කර ඇති රු.මිලියන 12ක ප්‍රමාණය වෙනත් ව්‍යාපෘතිවලට යෙදවිය නොහැකි බවද හෙතෙම පෙන්වා දී තිබේ.