2014 ප්‍රථම කාර්තුවේ සියයට 16ක අපනයන වර්ධනයක්
අප්‍රේල් උත්සව සමයේ සාමාන්‍යයෙන් අපනයන තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් කළත්, 2014 ජනවාරි - අප්‍රේල් කාල පරාසය තුළ සමස්ත අපනයනයන්හි වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කර ඇති නවතම (යාවකාලික) සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙයි.
ඒ අනුව, 2014 ජනවාරි - අප්‍රේල් කාල පරාසය තුළ ශ්‍රී ලංකාව උපයා තිබූ සමස්ත අපනයන ආදායම ඇ.ඩො.බිලියන 3.518 ක් විය.
පසුගිය වසරේ එම කාලසීමාව තුළ හිමිව තිබූ සමස්ත අපනයන ආදායම වනුයේ ඇ.ඩො.බිලියන 3.059 කි.
ඒ අනුව මෙම වසරේ ජනවාරි - අප්‍රේල් අපනයන වර්ධනය 15.99% ක් බැව් අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.
පසුගිය මැයි 29 වන දින පැවති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තොරතුරු හෙළිවූ අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
