පුද්ගලයින් 239 දෙනෙකු සමඟ වසර 11ට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය සෙවීම නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව මැලේසියානු බලධාරීන් සඳහන් කර තිබේ.
ඒ අනුව එහි සුන්බුන් සෙවීම දෙසැම්බර් 30 වන දින නැවත ආරම්භ වන බව මැලේසියානු බලධාරීන් පවසා තිබේ.
බෝයිං 777 ගුවන් යානයක් වන MH370 ගුවන් යානය 2014 දී ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදහන් විය.