2002 කිතුල්කොටේ පංච පුද්ගල ඝාතනයට 5ට මරණ දඩුවම
2002/06/06 වෙනි දින තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේදී පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවා වසම් මහතා මරණ දඬුවම් නියම කරන ලදි.
කිතුල්කොටේ, තණමල්විල ලිපිනයේ පදිංචි බස්නායකගේ ගුණසිංහ (38),වන්නි ආරච්චිකංකානම්ගේ ප්රැන්ටිස් නොහොත් හීන් මහත්තයා (40),සුනිල් ළමාබදුසූරිය (40),දියගහ රාජපක්ෂලාගේ ප්‍රසාද් (27) යන අයවලුන්ට සහ වයස අවුරුදු 13 පමණ වූ බස්නායකගේ ඉරේෂා සඳමාලි යන අයවලුන්ට,තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සමඟ එකතුවී ටී 56 ගිණි අවියකින් සහ බෝර 12 පතරොම් තුවක්කු වලින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව විභාග විය.
නඩුවේ සැකකරුවන් දෙදෙනෙකු වන තණමල්විල ලිපිනයේ පදිංචි ගමගේ බංදුල හරිස්චන්ද්‍ර යන අයට සහ
කෝන්තැටිආර සූරියවැව පදිංචි රුවන් ප්රශාන්න අයට මොනරාගල මහ අධිකරණය මඟින් මෙසේ මරණ දඬුවම් ලබා දෙන ලදි. මෙම නඩුවේ විත්තිකරුවෙකු නඩුව විභාග වන අතරතුරදී මියගොස් තිබිණි.
රජයේ නීතීඥ දුමින්ද ද අල්විස් මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් සුසන්ත රත්නායක මහතා පෙනී සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
