නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූවන් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව පවුල් ලක්ෂ හත ඉක්මවූ පිරිසකට මේ වනවිට ලබාදී තිබෙනවා.
හදුනාගත් සෙසු පවුල් සදහා කඩිනමින් එම මුදල් ලබාදෙන ලෙසයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේ.
නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් ලක්ෂ 18ක් පමණ රුපියල් 2000 දීමනාව ලබාදීම සදහා හදුනාගෙන තිබෙනවා.
මේ වනවිටත් ඉන් බොහෝ පිරිසකට එම මුදල් ලබාදීම සිදු කෙරුණේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීමෙන්.
තවදුරටත් රුපියල් 2000 දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළ රට පුරා සාර්ථකව ක්‍රියාත්මකයි.
සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 68 ක පුද්ගලයින් 12000 කට වැඩි පිරිසක් සදහා රුපියල් 2000 දීමනාව ලබාදීම සිදු කෙරුණා.
සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ එස් දිල්හානි මහත්මියගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරුණා.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදුනාගත් පවුල් සදහා 2000 දීමනාව ලබාදීමද සිදු කෙරුණා. බොරලැස්ගමුව සහ වේරහැර ග්‍රාම සේවා වසම්වල පිරිස් වෙනුවෙන් ද එම දීමනාව ලබාදුන්නේ කැස්බෑව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන ග්‍රාම නිලධාරි නිහාල් ගුණසේන මහතාගේ සහභාගිත්වයෙන්.