යූ.එන්.පී. ආණ්ඩුවේ වැරදි වැඩට විරුද්ධව මේ අවස්ථාවේ ජනාධිපතිතුමා යම් වැඩ පිළිවෙලක් ගෙන යන බවත්, එය දුර්වල කිරීමේ පියවරක් ලෙස 20 ගෙන ඒමට සැරසෙන බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
තිස්ස විතාරණ මහතා ඒ බැව් පැවසුවේ, ලිඳුල ප්‍රදේශයේදී අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස විතාරණ මහතා ,
“පාර්ලිමේන්තුව තුළ තිබෙන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියන ඉල්ලීම ඉදිරිපත් කරල ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ ආණ්ඩුව පිහිටුවල මාස 6කින් කරනවා කියල කිව්වා. දැන් අවුරුදු 04ක් ගිහිල්ලා ඒක කරන්නේ නැතිව ජ.වි.පෙරමුණ ගේනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියල.
මේ වෙලාවේ අපි කල්පණා කරනවා අපට රටේ ඉදිරියට මුහුණ දෙන්නට ඇති ප්‍රශ්න සම්බන්ධව. යූ.එන්.පී. ප්‍රධාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වැරදි ගමනක් තමයි යන්නේ. ඒ ගමන තමයි අපේ රට ඇමෙරිකාවට විකුණලා අපේ රට යටත් විජිත මට්ටමකට ගේන වැඩපිළිවෙලක්. මේ ප්‍රතිපත්තිවලට අපි තදින්ම විරුද්ධ වෙනවා. ඒ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැතිව යෝජනාව පමණක් ඒ කියන්නේ උදාහරණයක් කීවොත් මේ ආණ්ඩුව ප්රජාත්ත්රවාදය ගැන කතා කළාට ප්රජාතන්ත්රවාදය මණින කෝදුව වන්නේ, මැතිවරණ පැවැත්වීම. මැතිවරණ පවත්වන්නේ නෑ. සීමා නීර්ණ සම්පූර්ණ කරන්නේ නෑ. ඒවා නොකර මේ මැතිවරණත් කල් දදා ජනතාවට ව්‍යවස්ථාවෙන් දී ඇති ඡන්ද බලය දෙන්නේ නෑ.
ඉතින් කොහොමද ප්‍රජාතන්තවාදය කියල කියන්නේ. ඒවා සියල්ල සම්බන්ධ කරගෙන මේ ආණ්ඩුවට අලුත් ව්‍යවස්ථාවක් ගොඩනැගිමට හැකියාව තිබියදී එසේ නොකර ජේ.වී.පී.ය ලවා කියනවා එක කොටසක් විධායක ජනාධිපති ක්‍රමය පමණක් ඉවත් කරන්න. මේ වෙලාවේ විධායක ජනාධිපතිතුමා යූ.එන්.පී. ආණ්ඩුවේ වැරදි මගට විරුද්ධ වෙලා ආණ්ඩුවේ යන ගමනට විරුද්ධ වෙලා ජනාධිපතිතුමා යම් සටනක් ගෙනයනවා. ඒක පුළුවන් තරම් දුර්වල කරන්නත් බලනවා. ඒක දුර්වල කිරීමේ පියවරක් හැටියට අපිට මේ 20 වෙනි සංශෝධනය දකින්න තියෙන්නේ. ඇයි ජේ.වී.පියත් සහය දීල කටයුතු කළා මේ ආණ්ඩුවත් එක්ක. ඒක නිසානේ රතු අලි කියල නම දීල තියෙන්නේ ඒ නිසා.
ඇයි ජේ.වී.පිය මේ ආණ්ඩුවට බලපෑමක් කරන්නේ නැත්තේ දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරන්න. ඒ කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න. මේවා ඔක්කෝම සම්බන්ධ කරල ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථාවක් ගොඩ නගන්නයි තියෙන්නේ. ඒක අමතක කරල දැන් බේදයක් තියෙන නිසා ඒ බේදය බාල්දු කරන්න, ජනාධිපතිතුමාගේ තත්ත්වය බාල්දු කරන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන්නේ” යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.