මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් වූ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමඟ එකට ඉදිරිපත් කළ යුතු බවට සන්ධානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එකඟත්වයකට පැමිණැති බව වාර්තාවේ.
මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එකඟතාව පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කැර ඇති සංශෝධන සහ රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් කැර ඇති සංශෝධන එක් ලියවිල්ලකට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දිය යුතු බවට එහිදි තීරණය වු බව හෙතෙම පැවසීය