නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමට අදාළව ගෙන ඒමට නියමිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් මූලධර්ම සකස්කර එය පනතක් ලෙස ගෙන ඒමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
20 වැනි ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ඊයේ (13දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී විග්රහයට ගෙන ඇති අතර, ඒ සඳහා පක්ෂ මට්ටමින් යෝජනා ඉදිරිපත්ව තිබේ.
මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙන අතර එය ඊයේ (13දා) රාත්‍රියේදීම ගැසට් කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික හා අමාත්‍ය එස්.බී. දිසානායක යන මහත්වරුන් පවසා තිබේ.
නමුත් අමාත්‍ය රාවුෆ් හකීම් මහතා එයට විරුද්ධ වී තිබේ. මේ හේතුවෙන් අදාළ ව්‍යවස්ථා සංශෝධනය මූලධර්ම සකස් කිරීමට කමිටුවක් පත් කර ඇත. පසුව එය පනතක් ලෙස ගෙන ඒමට නියමිතය.
මෙම කමිටුවට අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් අමුණුගම, පලනි දිගම්බරම්, රාවුෆ් හකීම්, ලක්ෂ්මන් කිරිඇල්ල යන අය ඇතුළත්වෙති.