නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද (29දා) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
ඒ සඳහා සියලු දෙනාගේ සහාය ලබාගැනීම සඳහා සාකච්චාකරන බව පැවැසූ මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවැසුවේ සංශෝධනය සියලු පක්ෂ සඳහා සාධාරණයක් ඉටුවෙන අයුරින් සකස්කර ඇති බවයි.
එසේම එය කඩිනමින් සම්මතකරගැනීම සඳහා කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.