සුලු පක්ෂයන්හි මතය නොතකා විසිවන සංශෝධනය ගැසට් කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.
තම අදහස් පිළිබඳ සලකා බැලීමක් සිදුනොකළහොත් පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක ඡන්දයෙන් විසිවන සංශෝධනය සම්මත වීම වැළැක්වීමට උපරිම පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.