කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නැති බවත්,අදාළ සංශෝධන සම්බන්ධයෙන් සළකා බැලීමට පක්ෂ නියෝජිතයින්ගේ කමිටුවක් පත්කොට ඇති බවද හෙතෙම පැවසුවේය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සුමන්තිරන් මහතා පැවසීය
නව මැතිවරණ සංශෝධනය සමිබන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය ස්ථාවරය රජයට දැනුම්දීම සිදුකරණු ලබන්නේ දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාව විසින් පත් කරණ ලද විශේෂ කමිටුව විසින් ලබාදෙන තීරණයෙන් පසුව බවත් ඒ සඳහා ග්‍රාමිය මට්ටමින් ගොස් ජනතාව හමුවී ඔවුන්ගේ අදහස්ද ගන්නා බවත්.
වව්නියාවේදී ඊයේ (04දා) ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අතර එම රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් මතා දෙමළ ජාතික සන්ධානයේ ඉදිරි වැඩපිළිවල පිළිබඳව පැහැදිලි කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.