වත්මන් රජය බලයට පත්වූයේ සුලු පක්ෂවල සහය ලැබුෙණු නිසා බැවින් 20 වන සංසෝධනයට තමන් දැඩි විරෝධය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා ඊයේ (22 දා) යපනය පන්නෙයි ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
"වත්මන් ආණ්ඩුව බලයට පත් වෙලා ඉන්නෙ සුලු පක්ෂ නිසා නමුත් දැන් 20 වැනි සංශෝධනයත් එක්ක සුලු පක්ෂ මෙන්ම නියෝජිතයින් නොසලකා හැරෙනවා. අපි මේකට විරුද්ධයි ඉදිරියේදී ඉතා ඉක්මනින් සුලු පක්ෂ සියල්ලක්ම එකතු විරෝධය ජනාධිපතිතුමන්ට දැනුම් දෙනවා"