20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව නාරාහේන්පිට අභයාරාමයේදී අද (25දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන හා එස්.එම්.චන්ද්‍ර‘සේන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ ඒ පිළිබඳ සඳහන් කඩදාසියක් ඊයේ තමන් අතට පත්වුවද මේ දක්වා එය කියවීමට නොහැකි වූ බවයි.
එස්.එම්.චන්ද්‍ර‘සේන මහතා කියා සිටියේ දවස් 2 ක් තිස්සේ පාර්ලිමේන්තුව කැඳවා මහජන මුදල් නාස්තියක් සිදු කළ බවයි.
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු එනවා යැයි කියා ආපනශාලාවට ගොස් ආහාර ගෙන යළිත් නිවෙස්වලට යන බවද ඔහු මෙහිදී වැඩිදුටත් පැවසීය.