බණ්ඩාරගම තරුණයන් අතරේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් අලෙවි කරමින් සිටී 20 හැවිරිදි තරුණයෙකු බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 17ක් පොලිස් භාරයට ගෙන ඇත.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාට ලද තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ගෙන් මත්ද්‍රව්‍ය පැකට් රැගෙන විත් අලෙවි කරන බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.