20 ගැන බලන්න අගමැතිගෙන් කමිටුවක්
20 වැනි ආාණ්ඩුක්රම ව්‍යවස්ථා සංශොධන කෙටුම්පතේ බොහෝ වගන්ති සංශෝධනය විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවේ ප්රධානන්ට එල්ල වන විරෝධය හමුවේ දැනට ඉදිරිපත් කර ඇති සංශෝධන කෙටුම්පත පිළිබඳ යළි සළකා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සය පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, නීතිඥ උදය ගම්මන්පිල, ජනාධිපති නීතිඥ අලි සබ්රි හා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරුන් මෙම කමිටුවට පත්ව සිටින බවද වාර්තා වෙයි.
19 වැනි සංශෝධනයෙන් ඉදිරිපත්ව තිබෙන සාධනීය කරුණු හා දැනට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයේ ඇතුළත් කරුණු තවදුරටත් විමර්ශනය කිරීම මෙම කමිටුවේ මූලික කාර්යභාරය වෙයි.
රටේ ප්‍රජාතන්ත්‍රවායද හා ජාතික ආරක්ෂා සුරැකෙන ආකාරයට, රටේ යහපාලනය හා මූල්‍ය අක්‍රමිකතා සිදු නෙවන ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරිමටත් අවශ්‍ය කරුණු සළකා බැලිමටත් මේ වන විටත් විද්වතුන් හා මහජනතාව ඉදිරිපත් කර තිබෙන යෝජනා සැලකිල්ලට ගනිමින් නව සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම කමිටුව වෙත පැවැරී තිබේ.
මෙම කමිටුවට අදාළ නිර්දේඔ ලබාදීමට කාල රාමුවක් ඉදිරිපත්වී නොමැති අතර අදාළ කමිටු නිර්දේශ නොමැතිව සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්හිටුවීමටද ආණ්ඩුවේ ප්‍රධානීන් අදහස් කරගෙන සිටිති.
මේ අතර පත්කර ඇති කමිටුවට අදාල කරුණු අධ්‍යනය කර නිර්දේශ ලබාදීමට අවම වශයෙන් සති දෙකක කාලයක්වත් ගතවනු ඇතැයි වාර්තා වෙයි.
මේ අතර 20 වැනි සංශෝධන කෙටුම්පතේ ඇති වැරිදි අඩුපාඩු හා නිවැරදි විය යුතු තැන් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී අදහස් පළ කර පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතාගෙන් නිදහසට කරුණු විමසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඔහුට ලිපියක් යවා ඇති බවද වාර්තා වෙයි.
popular news
-
Demuni Uduwara Saturday, 12 September 2020 12:53 AM
Freedom of expression has been deprived to their MP. What about our position it is passed. We should be vigilant.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

