පවතින තැපැල් වර්ජනය හේතුවෙන් 2019 වර්ෂයට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම් පත් බාරගන්නා අවසන් දිනය දීර්ඝ කිරීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ අනුව ජුනි මස 30 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ 2019 වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය ජූලි මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.