19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බවට ඊයේ (23දා) රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
මීට අමතරව 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳවද තීරණයක් ගෙන තිබෙන අතර, එය සැප්තැම්බර් මාසයට පෙර සම්මත කරගත යුතු බවටද එහිදී යෝජනා වී ඇත.
දැනට මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර සිටින, සාමාජිකයන් 05 දෙනාට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීමට තීරණය කර තිබෙන අතර, මීට අමතරව හිටපු ජනාධිපතිවරයා සහ වර්තමාන ජනාධිපතිවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවක් කඩිනමින් සිදුකළ යුතු බවටත් තීරණය කර තිබේ.