19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහාය දැක්වීමට මන්ත්‍රීවරුන්ට බල කෙරෙන විරෝධතාව රාජගිරිය එන්.එම්. පෙරේරා පිළිරුව අසළින් ආරම්භවිය. එය මේ වන විට පාර්ලිමේන්තු වටරවුම දක්වා ගමන් කර තිබේ.
හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මාඳුළුවාවේ සෝභිත හිමි, අතුරුලියේ රතන හිමි, නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් මේ සඳහා එක්ව සිටිති. පුරවැසි සංවිධාන එකමුතුව විසින් මෙය සංවිධානය කරයි.