රජය විසින් ඉදිරිපත් කර ඇති 19 වැනි ව්‍යවස්තා සංශෝධනය සඳහා විරුද්ධ නොවන ලෙස සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ඒ සඳහා හොඳම අවස්ථාවක් දැන් උදාවී ඇති බවත්, අනාගතයේදී යළි කෙදිනකවත් මෙවැනි තත්ත්වයක් උදානොවෙනු ඇති බවයි.
පෞද්ගලික න්‍යාය පත්‍ර ඉවතලා 19 වැනි සංශෝධනයේ පවතින අඩුපාඩු පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර වඩාත් හොඳ ව්‍යවස්තා සංශෝධනයක් ගෙන එන ලෙස උන්වහන්සේ අවධාරණය කළහ.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසීය.