පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බවට ප්‍රතිඥාවක් ලබාදීම සඳහා වූ ලියවිල්ලට අත්සන් තැබීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව %අද^ට වාර්තා ෙව්.
නව ව්‍යස්ථාව සංශෝධනය සමග මැතිවරණ ක්රමයේ සංශෝධනයද සිදුකළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයේ පක්ෂවල බහුතර මතය වී ඇති අතර, එවැන්නක් සිදුනොවන ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ නොවීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති. ඒ සඳහා මේ වනවිටත් කටයුතු ආරම්භ කර අැතැයි පැවසේ.
එය සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහාය අත්‍යවශ්‍ය වන බවත්, නව ව්‍යස්ථා සංශෝධනයේ අඩංගු කරුණුවලට දැනටමත් එම පක්ෂය විරෝධය පළකර ඇති බවත් සඳහන් වෙයි.
එසේම ඒ සඳහා මැතිවරණ ප්රතිසංස්කරණද ඇතුළත් කරන ලෙස දන්වා ඇත.
මේ අතර 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනීම කල්දමන ලෙස කථානායක චමල් රාජපක්ෂ මහතාට ඉල්ලීමක් කිරීමට විපක්ෂයේ නියෝජිත පිරිසක් අද (06දා) කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙකී ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑන ක්‍රියාදාමය ව්‍යවස්ථාවට පටහැණි බැවින්
එය ලබන 8, 9, 10 යන තෙදින තුළ විවාදයට නොගන්නැයි ඉල්ලීමක් කරන බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පී.එල්. පීරිස් මහතා %අද^ පුවත්පතට පැවසීය.
මෙම ව්‍යස්ථා සංශෝධනයට දැනටමත් වෙනස්කම් රැසක් සිදුකර කර ඇති බවත්, එහි අවසාන ලියවිල්ල කිසිවෙකු සතුව නොමැති බැවින්, එය මෙලෙස කඩිමුඩියේ විවාදයට ගැනීම නීතිවිරෝධී බව ඒ මහතා පෙන්වා දුන්නේය.
අවසාන ලියවිල්ල සකස් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර යුතු බවත්, ඉන් අනතුරුව මහජන පෙත්සම් සඳහා සතියක කාලයක් ලබාදිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
අද දින තමා ඇතුළු විපක්ෂ නියෝජිතවරු කථානායකවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.