පසුගිය කාලයේදී ක්‍රීඩාව දේශපාලනිකරණය වීම නිසා ඇතැම් අය ජාතික තලයට යාමට කෙටි මාර්ග සොයාගත් බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි. එසේම වර්තමානයේ සිටින්නේ මුදල් පසුපස යන ක්‍රීඩකයන් බවත් ඔහු පැවැසීය.
ජාඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ අද (23) පැවති ගමට ක්‍රීඩා පුහුණු කඳවුරට ප්‍රධාන පුහුණුකරු ලෙස සහභාගි වෙමිනි.
“පසුගිය කාලේ ක්‍රීඩාව දේශපාලනීකණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩකයෝ සොයා ගත්තා ලේසි ක්‍රමයක් ජාතික තලයට යන්න. හිටපු සමහර දේශපාලනඥයන්ගේ පුතාලා සමග රාත්‍රි සමාජවලට ගිහින් කාලය ගත කරන ක්‍රීඩකයෝ ජාතික තලයට යන්න මාර්ග සොයා ගත්තා. ජාතික ක්‍රිකට් කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමට සුදුසුනැති අයට ටෙස්ට් සහ තනිදින වරම් ලබා ගන්න පුළුවන් වුණේ මේ දේශපාලනඥයින් තේරුම් කමිටුවට කථා කරපු නිසා.
1996දී අපි හැදුවේ දක්ෂතම කණ්ඩායම නෙමෙයි. ඊට වඩා දක්ෂ ක්‍රීඩකයෝ ඉන්න ඇති. නමුත් අපි කණ්ඩායම තෝරන විට බැලුවේ රට ගැන රට මූලිකත්වය ගෙන ක්‍රියා කරන මුදල සහ තනතුරු දෙවැනුව සිතන ක්‍රීඩකයින්. නමුත් අද අවාසනාවකට එය වෙනස් වෙලා. අද මූලිකත්වය ගන්නේ මුදල්. අම්ම, තාත්තා, පුතලා, දූලා දාලා සල්ලි උපයන්න පුළුවන් නම්, මේ දරුවන්ට සුදුසු නැති කෑමක් බීමක් හරි පෙන්නලා සල්ලි හම්බ කරන්න පුළුවන්නම් එයත් කරන ක්‍රීඩකයින් අපේ රටේ දැන් සිටිනවා. එය අවාසනාවන්ත තත්ත්වයක්. අද ඇතැම් ක්‍රීඩකයෝ තමන්ගේ අම්මා තාත්තා ගැන කථා කරන්නේ නෑ. ඒජන්තවරුන් ගැන කථා කරන්නේ.” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.