1980දී ඉන්දියාව වරදක් කළා - ගෝඨා
1980 දශකයේදී දමිළ ත්‍රස්තවාදී කණ්ඩායම් අභිප්‍රේරණය කිරීමෙන් ඉන්දියාව වරදක් කළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එසේම වැරදි සංඥා වැරදි පුද්ගලයින් වෙත ලබාදීමේදී ඉන්දියාව පරිස්සම්විය යුතු බවත් ඔහු කියයි.
ඉන්දියාවේ www.rediff.com පුවත් සේවය හා විද්‍යුත් තැපැල් සංවාදයකට එක්වෙමින් ඔහු මෙම අදහස් දක්වා තිබෙන බව රෙඩිෆ් පුවත්සේවය අද (09දා) වාර්තා කළේය.
තම රජය බලයේ සිටින විට සෑම අවස්ථාවකදීම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගත් බවත් එය අඛණ්ඩව සිදුවිය යුත් බවත් හෙතෙම කියයි.
පසුගිය රජය ඒකාධිපතිවාදයට ගමන් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද එම පුවත් සේවය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කර තිබෙන අතර ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව කිසිදාක ආඥාදායකත්වයක් කරා ගමන් නොකළ බවයි.
2005 වසරේදී සිය රජය බලයට පත්වීමෙන් අනතුරුව සෑම වසරකම පාහේ මැතිවරණයක් පැවැති බව ඔහු පවසයි. 2015 වසරේ පැවැති ජනපතිවරණයද සාධාරණ හා නිදහස්වූ නිසා තම රජය පරාජය වූ බවත් හෙතෙම කියයි.
ඉන්දියාවේ මිත්‍රත්වය හා සහාය ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් බවත් ඉන්දියාව හා චීනය අතර ශ්‍රී ලංකාවට සාම්ප්‍රදායික සබඳතා පැවැති බවද හෙතෙම කියයි.
ශ්‍රී ලංකාව හා චීනය අතර පැවැති සබඳතා සෑමවිටම ආර්ථක ස්වාභාවයක් ගත් බවත් හෙතෙම කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

