පොලිස් ඉතිරි කිරිමේ සංගමයේ පාලන කමිටු සභාපතිත්වයට හා කමිටු ලේකම් තනතුරු වලට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක් පත්ව තිබේ.
එම සංගමය් 95 වැනි මහා සභා රැස්වීම අද පැවැති අතර එහිදී මෙම පත්වීම් සිදුකර තිබේ. මෙම සංගමය 1924දීී ආරම්භ කර ඇති අතර එය ආරම්භ කළ දා සිට පාලන කමිටු සභාපති තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරරු හා නියෝජ්‍ය පොලිස්පතිවරු පත්වී ඇත.
කෙසේ වෙතත් එම සංගමයේ ප්‍රථමවරට පොලිස් ඉතිරි කිරිමේ සංගමයේ පාලන කමිටු සභාපතිත්වයට නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මියත් කමිටු ලේකම් තනතුරට නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පත්ව තිබේ.
මෙම සංගමයේ පාලන ලේකම් ලෙස පොලිස් පරීීක්ෂක එන්.ප්‍රියදර්ශන මහතා කටයුතු කරනඅතර එහි පාලන ලේකම් තනතුරට පත්වූ පළමු පොලිස් නිලධාරියා ඔහු වෙයි.
