දහනම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද(17) පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීම් තීරණයකින් තොරව අවසන් විය.
මෙහි දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවාදය ලබන 20 වැනිදා සහ 21 වැනිදා පැවැත් විය යුතු බව ප්‍රකාශ කළත්, ශ්‍රීලනීපය ඒ පිළිබදව පැහැදිලි ස්ථාවරයක් ඉදිරිපත් නොකළ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වත්මන් ඡන්ද ක්‍රමය යටතේ පැවැත් වීම සම්බන්ධයෙන් ශ්‍රීලනීපය එම පක්ෂ නායක රැස්වීමේ දී දැඩි විරුද්ධත්වයක් ප්‍රකාශ කොට ඇත. මේ අතර ශ්රීලනීපයේ මන්ත්‍රී පිරිසක් පවසන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකරන්නේ නම් 19වැනි ව්‍යවස්ථා සංශෝධනයට සිය පක්ෂයේ සහයෝගය නොලැබෙන බවයි.
මේ පිළිබද සාකච්ඡා කිරීම සඳහා තවත් පක්ෂ නායක රැස්වීමක් ලබන සදුදා පැවැත් වෙන බව මේ රැස්වීමට සහභාගීජවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීව් ගුණසේකර මහතා පවසයි.
මෙම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනීම කල් දැමීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා දැඩි විරුද්ධත්වයක් පළ කොට තිබේ.