19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදය ලබන 27 හා 28 දින තුළදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන්දී පැවැසීය. විවාදයෙන් පසු ඡන්ද විමසීම 28 වැනිදා පැවැත්වීමට නියමිතය. අද උදෑසන පාර්ලිමෙන්තුව නැවත රැස්වූ අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මැද එය උදෑසන කල්දමනු ලැබීය.
පසුව නැවතත් මධ්‍යාහ්න 12.35 ට පාර්ලිමෙන්තුව රැස්වූ අතර ලබන 27 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායක වරයා කටයුතු කළේය.