19 වැනි සංශෝධනය පිළිබඳව වඩාත් පුළුල් වූ එකඟතාවක් ඇති කරගැනීම සඳහා අද දින (20දා) පැවැත්වීමට නියමිතව තිබූ විවාදය හෙට දින (21දා) දක්වා කල් දැමීමට පක්ෂ නායකයෝ ඊයේ (19දා) තීරණය කළහ.
වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ සර්වපාක්ෂික රැස්වීමක් කැඳවා තිබූ අතර, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පවතින කෙටුම්පත සඳහා ගෙන ඒමට යෝජිත සංශෝධන පිළිබඳව සිය විරෝධය පළ කළේය.
එසේම ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රියාදාමය පිළිබඳවද එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, හා ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ යන පක්ෂ සිය විරෝධය පළ කළේය.
අවසානයේ මෙකී විවාදය අද දින නොපැවැත්වීමට තීරණය කළ අතර එය හෙට සහ අනිද්දා යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කරන ලදී.
කෙසේ නමුදු අද දින පාර්ලිමේන්තු සංකීර්ණය තුළ විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වා, පවතින ගැටලු නිරාකරණය කරගැනීමටද පක්ෂ නායකයෝ එකඟ වූහ.