දහනව වන ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාව පිළිබඳව ජාතික විධායක සභාව අද (11දා) අවසන් තීරණයට එළඹීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ජාතික විධායක සභාව තුළ දහ නව වන ව්‍යස්ථා සංශෝධනය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව විධායක ජනාධිපති ක්රමයේ බලතල අඩුකිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීම, 18 වැනි ව්‍යාවස්ථා සංශෝධනය අහෝසි කිරීම ඒ යටතට ඇතුළත්ය.
මෙලෙස අවසාන තීරණයකට පැමිණි පසු මේ මස 24දා හදිසි පනතක් ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.