යහපාලන ආණ්ඩුවේ දින 100 ක කාලය අවසන් වීමත් සමගම අදාළ ආණ්ඩුවේ ප්‍රධාන ජනතා පොරොන්දුව වන %19 වැනි ව්‍යවස්ථා සංශෝධනය^ සම්මත වීමේ කාර්යය යට වී ගොස් යහපාලන ආණ්ඩුවේම ප්‍රධාන ප්‍රතිවාදියා වූ %හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නාමය^ යළි මතු වූවේය.
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජනාධිපති ධුර කාලය අඩු කිරීම, කැබිනට් අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කිරීම ඇතුලු ජනතාවාදී යෝජනා රැසක් අඩංගු වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඒ පිළිබඳ විවාදය ඊයේ හා අද (21දා හා 22දා) දෙදින තුළ පැවැත්වීමටද නියමිතව තිබිණි.
එහෙත් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව කැඳවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ලංකා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් පාර්ලිමේන්තුව තුළ ගෙනගිය විරෝධතාව නිසා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු අඩාල වී ගිය අතර කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල් තබන ලදී.
මේ පිළිබඳව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ &දිනයට නියමිතව තිබූ ප්‍රධාන කටයුත්ත විවාදයට ගැනීමට දෙපාර්ශ්වයටම උවමනාවක් නොමැති බව තමාට හැඟෙන බවය*.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයේ ඊයේ (21දා) දිනයට නියමිතව තිබූ ප්‍රධානතම කටයුත්තයි. නමුත් අල්ලස් කොමිසම මගින් මන්ත්‍රීවරුන් කැඳවීම මගින් ඔවුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධ ප්රශ්නය කතා කිරීම සඳහා පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වය සභාව තුළ කරුණු දැක්වූහ. මේ සඳහා පැයකට ආසන්න කාලයක් ගතවිය.
මෙහිදී විශේෂයෙන් තිස්ස අත්තනායක මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව මන්ත්‍රීවරු විවේචනය කළහ. ඔවුන් දිගින් දිගටම කරුණු දැක්වීම් සිදුකළ අතර, අවස්ථා කිහිපයකදීම කථානායකවරයා මාතෘකාවට අදාළව කෙටියෙන් කරුණු දක්වන්නැයි මන්ත්‍රීවරන්ගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ දී සාකච්ඡා පැවැත් වූ පක්ෂ නායකයෝ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විවාදය ද ලබන 26 හා 27 යන දෙදින තුළ පැවැත්වීමට ද තීරණය කළහ.
එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා මැතිවරණ ක්රමයේ සංශෝධනය යන දෙකම එකවිට සම්මත කළයුතු බවට වූ දැඩි ස්ථාවරය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් සිටීම තුළ එම සංශෝධනය විවාදයෙන් අනතුරුව පවත්වන ඡන්ද විමසීමේ දී සම්මත වීම පිළිබඳව දැඩි අවිනිශ්චිත තාවක් පවතී.
මේ අතර, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොයුරු බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට යළි පැමිණීම ද ඔහු පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව පැවැත්වීමද විශේෂ කරුණක් වූවේය.
එමෙන්ම ඊයේ පාර්ලිමේන්තු වටරවුම් මාර්ගය කේන්ද්‍ර කරගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැති අතර එම උද්ඝෝෂණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහාය දක්වනු ලැබිණි.