19 ව්‍යවස්ථා සංශෝධනයට දෙමළ ජාතික සන්ධානය සහය දැක්වීමට ගෙන ඇති තීරණය සමිබන්ධයෙන් යළි සලකා බලන මෙන් වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මනතී්රවරුන් තුන්දෙනෙකු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
දෙමළ ජාතික සන්ධනායේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සෙල්වම් අඩෙයිකලනාදන් සිවශක්ති ආනන්දන් සහ නෝහා රාධලිංගමි යන මන්ති‍්‍රවරු තුන්දෙනා විසින් ආර්. සම්බන්ධන් මහතාට ලිපියක් යැවූ බවත් එම ලිපියේ සදහන් කොට ඇත්තේ රජය දෙමළ ජනතාව විසින් ඉල්ලා සිටි ඉල්ලීම්වලට මෙතෙක් සවන්දීමක් කොට නොමැති බැවින් දහනව වෙනි ව්‍යවස්ථා සංශෝධනයට දෙමළ ජාතික සන්ධානය සහය දීමේ අවශ්‍යතාවයක් නැති බවයි.
එමෙන්ම මේ අවස්ථාවේදී කළ යුතුව ඇත්තේ රජය විසින් ගෙන එන තීන්දු තීරණ වලට සහාය පලකිරීම නොව රජය විසින් කරගෙන යන කි‍්‍රයාදාමය දෙස වඩා විමසිල්ලෙන් බලා සිටිම පමණක් බවද එම ලිපියේ සදහන් කොට ඇත.මේ නිසා දැනට එම ව්‍යවස්ථා සංශෝධනයට සහයදීමට දෙමළ ජාතික සන්ධානය විසින් ගෙන ඇති මූලික තීන්දුව යළි සලකා බලන මෙන් ආර්. සම්බන්දන් මන්තී‍්‍රවරයාට යවන ලද ලිපියේ සදහන් කොට ඇති බවට ශිවසක්ති ආනන්දන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.