දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පක්ෂව ඡන්දය ලබාදීම ගැන කනගාටුවන බවත් අවස්ථාවක් ලැබුණහොත් එය නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
එම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයා ඉවත් කිරීමට නීති ප්‍රතිපාදන පෙන්වාදී තිබුණත් අගමැතිවරයා ඉවත් කිරීමට කිසිදු නීති ප්රතිපාදනයක් නොමැති බවද පවසා සිටියේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම විසින් අද (31දා) සංවිධානය කරන මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේදී පැවැති කලබලකාරී තත්ත්වය නිසා අදාළ වගන්තිය පැහැදිලි නොවූ බවත් මේ නිසා මෙම තත්ත්වය නිවැරදි කිරීමට අවස්ථාවක් ලැබුණහොත් එය සිදු කිරීමට පසුබට නොවන බවද පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුද මෙහිදී මෙම ප්‍රකාශයට සිය එකඟතාව පළ කළහ.