දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වන සෑමකෙනෙක්ම එසේ එරෙහි වන්නේ කුමක් හෝ යටි අරමුණක් ඇතිව බව කලා ශිල්පී පරාක්‍රම නිරිඇල්ල මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකරන පිරිස් මෙයට විරුද්ධ වන්නේ අතීතයේ සිදුකළ හොරමැරකම් සියල්ල ඒ අයුරින්ම කරගෙන යාමේ අරමුණෙන් බවද හෙතෙම පැවසීය. අපි දෙවිවරුන් වගේ ඒ කාලෙ අදහාගෙන සිටි දේශපාලඥයෝ බංකොළොත් වී අද කුණු කූඩයට වැටී සිටිනවා. වාසුදේව, දිනේශ් වගේ දේශපාලඥයෝ පසුගිය කාලේ නැත්තටම නැතිවුණා. ඒ වගේම මහින්ද ආපසු ගේන්න කියලා පිරිසක් කැගහනවා. ඇත්ත තත්ත්වෙ නම් මහින්ද ආපහු ආවොත් හිටියට වඩා පහළ තත්ත්වෙකට වැටෙනවා. ඒ නිසා මැදමුලනට වෙලාම හිටිය නම් හොඳයි.* යැයි නිරිඇල්ල මහතා පැවසීය.
ස්වාධීන කලාකරුවන්ගේ සංගමයේ අද (27දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.