19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඡන්දය විමසන අවසාන මොහොතේ කුමන්ත්‍රණයක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින බවට සැකසංකා මේ වනවිට නිර්මාණය වී තිබෙන බව පුරවැසි බලය සංවිධානය සඳහන් කරයි.
අද (28දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ, සුළු සංශෝධනයක් සිදුනොකළ බව පවසමින් ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බවයි.
එසේ වුවහොත් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත යුතු බව විජේසූරිය මහතා පවසා සිටියේය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී වැලිඅමුණ, මාධ්‍යවේදී කේ.ඩබ්ලිව්. ජනරංජන, සමන් රත්නප්‍රිය, ජෝසප් ස්ටාලින් යන අයද මෙහිදී අදහස් පළකළහ.