19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැටලුවකට ලක්ව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරනවා. සිය ෆේස්බුක් ගිණුමට අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන,මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම හා මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන් සාකච්ඡාවක නිරතවන ඡායාරූපයක්ද ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක්කොට තිබේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක්කර ඇති වගන්ති දෙකක් පිළිබඳව විපක්ෂය මේ වන විට සිය විරෝධය ප්‍රකාශ කර තිබේ
කැබිනට් මණ්ඩලය පත්කිරීම හා ජාතික ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් මෙසේ පැනනැගී තිබේ.