හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කතා කරන්නේ 1815 ගිවිසුම පිළිබඳ දැනගෙනදැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රශ්න කළේය.
ඇමෙරිකාව විසින් මානව හිමිකම් කොමිසමට ගෙන ආ යෝජනාවට ශ්‍රී ලංකාවද සහාය දැක්වීම 1815 උඩරට ගිවිසුමට සමානව සහාය දැක්වීමක් බව හිටපු ජනපතිවරයා පසුගියදා මාධ්‍ය නිවේදනයකින් පැවැසීය.
එසේම විදුලි පුටුවට ගෙනියන්වෝ, ගෙනියනාවෝ කියා කෑ ගැසූ අය බේරා ගත්තේ තම ආණ්ඩුව බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ ජනහමුවකට එක්වෙමිනි.